Cloudy with a Chance of Meatballs 2
Cloudy with a Chance of Meatballs 2 නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා. ඒත් ඔන්න ඊයෙ උදේ තමයි විකියා සහෝ හොඳ කොපියක් නිකුත් වෙලා තියෙනවා කියලා මට කිව්වෙ. අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.6 ක අගයක් ලබාගන්න සමත්වෙලත් තියෙනවා. මේ දීලා තියෙන කොපිය ඉතාම හොඳ තත්වයෙ තියෙනවා කියලා මම සහතික වෙනවා. Cloudy with a Chance of Meatballs පළමු චිත්‍රපටය ඔයාලට මතක ඇතිනෙ. මේ චිත්‍රපටය ඒ සමඟ සම්බන්ධ වෙලා තමයි ආරම්භ වෙන්නෙ. පළමු චිත්‍රපටිය අපේ සහෝදරයෙක් අඩවියට එකතු කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. පළමු චිත්‍රපටිය අවසන් වන දිනයෙන් තමා දෙවැනි චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. ඉතින් අපි කතාව පැත්ත ටිකක් බලමු. මතකනෙ ෆ්ලින්ට් ලොක්වුඩ් ජලය ආහාර බවට පත් කරන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවනවා. ඒ යන්ත්‍රය නිසා ආහාර කාලගුණයක් ඇතිවෙලා ආහාර වැසි පටන්ගන්නවා සැලෝව් ෆෝල් වල. අන්තිමේදි මේ ෆිල්ඩිස්මඩෆර් කියන යන්ත්‍රය පාලනයෙන් තොර වෙලා ලොකු අවුලක් ඇතිවෙනවා ලෝකයටම. ඉතින් ෆ්ලින්ට්, සෑම් සහ මිතුරො එකතු වෙලා මේ යන්ත්‍රය අක්‍රිය කරනවා. එතනින් තමා දෙවැනි කොටස පටන්ගන්නෙ. ෆ්ලින්ට්, සැම්, අර්ල්, මෙනී, බ්‍රෙන්ට්, ටිම් සහ ස්ටිව් අලුත් පර්යේෂණාගාරයක් අරම්භ කරන්න සූඳානම් වෙනවා. මේ වෙලාවෙ එතනට එනවා චැස්ටර් වී. චැස්ටර් වී කියන්නෙ බලවත් විද්‍යාඥයෙක්. එයා ෆ්ලින්ට්ට කතා කරනවා එයත් එක්ක ලිව් කෝප් වල වැඩ කරන්න. ඒ වගේම පව්ත්ර කටයුතු සඳහා අනිත් අයටත් සැලෝව් ෆෝල් අතහැරලා යන්න වෙනවා නැවත දන්වනතුරු. ඒත් චැස්ටර් වී සූඳානම් වෙන්නෙ බොහොම රහසිගත කාර්යයකට. ඒත් චැස්ටර් වීගෙ කණ්ඩායමට ෆිල්ඩිස්මඩෆර් යන්ත්‍රය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු ෆ්ලින්ට්ගෙන් ඉල්ලා සිටිනවා තනියම දූපතට ගිහින් යන්ත්‍රය හොයලා විනාශ කරන්න කියලා. මොකද මේ යන්ත්‍රය මඟින් ජිවමාන ආහාර සතුන් නිපදවන්න අරගෙන. ෆ්ලින්ට් තනියම දූපතට යන්න සූඳානම් වුනත් අන්තිම සෑම් ඇතුළු ඔහුගෙ යාළුවොත් මේ ගමනට එකතු වෙනවා… ඉතින් ඔයාලත් බලන්න මෙයාලට දූපතේදි මුහුණ දෙන්න වෙන්නෙ මොනවටද… චැස්ටර් වී දත කන්නෙ මොකටද කියලා.
cloudywithachanceofmeatballs22013720phdtv700mb-micromkv.torrent | |
File Size: | 15 kb |
File Type: | torrent |
The Gangster
කොහොමද යාළුවනේ මේක මම ෆිල්ම් එකකට උපසිරැසි දාන පලමු ෆිල්ම් එක. මීට කලින් Prison break කතා මාලාවේ උපසිරැසි දාන්න උදවු වුනා. පළවෙනි නිර්මාණයට සුපිරි චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කරපු අයගෙ චිත්‍රපටයක් තෝරා දීම වෙනුවෙන් විකියා සහේට මගේ ස්තුතිය.ඇත්තටම මේක 2012 කියලා තිබ්බට ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ ලගදී ෆිල්ම් එක ගැන කියනවා නම් සුපිරි ගණයේ ෆිල්ම් එකක්. මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ Ong bak 2, Chocolate සහ The Bodyguard කියන ෆිල්ම් කරපු අයමයි. ඒ වගේම මේක Imdb වල 6.6 ක අගයක් වාර්තා කරලා තියනවා.කියන්න ඕනේ නෑ නේ අර උඩින් දාපු ෆිල්ම් වල සුපිරි බව,ඒ වගේ තමයි මේකත්
කතාව ගැන කියනවා නම් මේක 1950 බැන්කොක් වල සිද්ධ වෙන සිදුවීමක්. මැර කල්ලි තිහිපයක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. කතාවෙ ප්‍රධාන චරිත දෙකක් තමයි ජොඩ් සහ ඩියැන්ග් කියන්නෙ. ඒ දෙන්නා වටා සහ ගොඩක් මැර කල්ලි සහ මැර නායකයො අතර ගොඩක් දේවල් සිදු වෙනවා ඒ වගේම මේකට පොලීසියක් ගෑවිලා තියෙන්නෙ.
ඉතින් කතාව මෙහෙම කියලා වැඩක් නෑනෙ බලලම තමයි රසය විඳින්න ඕන. ඉතින් යාළුවො මේ ෆිල්ම් එක බලලා අදහසුත් අපිට එවන්නකෝ.

the.gangster.2012.brrip.720p.x264.aac.-.pristine.torrent | |
File Size: | 15 kb |
File Type: | torrent |
ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට හැනිබල් කතා මාලාවේ පස් වෙනි කොටසත් අරගෙන ආවා සිංහල උපසිරැසිත් එක්කම. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ළමයින් යොදාගෙන මිනී මරන කාන්තාවක්ව සහ ඒ ළමයි කණ්ඩායම අල්ලගන්න විල් ග්‍රැහැම්ට සහ ජැක් ක්‍රව්ෆෝඩ් ට හැකි වෙනවා. ඒ අතරේ අර මල කඳන් යොදාගෙන වගා කරලා තිබුන හතු විශේෂයට සමාන හතු වර්ගෙකින් හදපු පානයක් ඇබිගේල්ට ඖෂධයක් විදිහට දොස්තර හැනිබල් විසින් ලබා දෙනවා.. මේ සේරගෙන්ම දොස්තර හැනිබල් මේ හැම මිනී මැරුමකටම යම් සම්බන්ධයක් තියෙනවා කියලා ප්‍රේක්ෂකයන්ට පුංචි පුංචි ඉඟි අතරින් පතර ලැබෙනවා. ඒත් ඒ හැම මිනී මැරුමකටම වගේ වෙනත් පුද්ගලයෙකුගෙත් සම්බන්ධයක් තියෙන නිසා මේවට දොස්තර හැනිබල් සම්බන්ධයිද කියලා හරියටම කියන්න අමාරුයි. ඒ වගේම දොස්තර හැනිබල් තමන්ගෙ කෑම වර්ග හදන්නේ මිනිස් අවයව වලින්ද කියලත් ඔයාලට මේ වෙනකොට සැකයක් ඇති වෙලා ඇති. මේ පාර කොටස පටන් ගන්නේ විල් ග්රැහැම් පාළු පාරක රෑ මැද තනියම ඇවිදන් යන සිද්ධියකින්. තනියම කිව්වට තනියම නෙවෙයි. විල් ග්‍රැහැම්ගෙ පස්සෙන් කලු පාට ලොකු ගෝණෙක් එනවා. ඔයාලට මතක ඇතිනේ විල් ග්රැහැම් පහුගිට කොටස් වලදි එක එක වෙලාවට දැකපු අර තඩි ගෝණා. ඌ තමයි මේ පස්සෙන් එන්නේ. ඉතින් මෙහෙම තඩි ගෝණෙකුත් එක්ක ඇවිදන් යන විල්ව ඒ වෙලාවේ පාරේ ගමන් කල පොලිස් ජංගම රථයක් විසින් සොයා ගැනෙනවා. එතනදි විල් ග්‍රැහැම්ගෙන් ප්‍රශ්ණ කරන පොලිසියෙ නිලධාරීන්ට හිතෙන්නේ විල් නින්දෙන් ඇවිදින්නෙක් කියලා.
මේ වතාවේ විල් ග්‍රැහැම්ට විසඳන්න වෙන්නේ තවත් අමුතුම ආකාරයකට සිදු කල මිනී මැරුමක් ගැනයි. ඒ මරා දාපු අයව මිනී මරුවා විසින් දිව්‍ය දූතයන් බවට පරිවර්තනය කරලා. මෙවර සිද්ධිය විසඳන්නත් ජැක් ක්‍රව්ෆෝඩ් විසින් විල්ගෙ සහය පතනවා. ඒ වගේම මේ කොටස අවසානයේදි ජැක්ට ඔහුගෙ බිරිඳ ගැන ඉතාම දුක්බර ආරංචියක් දැනගන්න ලැබෙනවා.
ඉතින් යාළුවනේ.. විල් ග්රැහැම් ඇවිදලා තියෙන්නෙ නින්දෙන්ද? නැත්නම් හැබැහින්ද? කලු ගෝණා කියන්නේ විල්ගෙ හිතේ මැවුන මායාවක්ද? විල් ට ඒ ගෝණගෙන් අනතුරක් වේවිද? කොහොමද අර මැරුන මිනිසුන් දිව්‍ය දූතයන් බවට පරිවර්තනය කරලා තියෙන්නේ? විල් ග්‍රැහැම්ට මේ මිනීමරුවව අල්ලගන්න පුළුවන් වේවිද? මේ මිනී මැරුම් වලටත් දොස්තර හැනිබල් සම්බන්ධයිද? ජැක්ට ඔහුගෙ බිරිඳ ගැන අහන්න ලැබෙන දුක්බර ආරංචිය මොකක්ද? කියලා කතාව බලලම දැනගන්න.. 6 වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජයවේවා!

Click to download | |
File Size: | 21 kb |
File Type: | torrent |
Despicable me 2
click to download | |
File Size: | 56 kb |
File Type: | torrent |
Jab tak hai jaan (2012)
නොමියෙන ආදරයක් වැලඳගත්.. නොමියෙන මිනිසෙක් ගැන කියවෙන අපූරු ආදරණීය කතාවක් තමයි අද මේ ඔයාලට දෙන්න යන්නෙ.. නම අහපු ගමන් හැමෝම දන්නවනෙ.. හැමෝම නොඉවසිල්ලෙන් එනකන් බලන් හිටපු චිත්‍රපටයක්… “යෂ් චොප්රා” විසින් අධ්‍යක්ෂණය කළ සුපිරි සිනමා පටයක් (යෂ් චොප්රා අධ්‍යක්ෂණය කල අවසන් සිනමා සිත්තම මෙයයි). කාලෙකට පස්සෙ “ෂාරුක් ඛාන්ගෙ” රංගනයත් ඔයාලට බලාගන්න පුලුවන්..සෙසු චරිත සඳහා ප්‍රධාන වශයෙන් “කැත්රිනා කයිෆ්”, “අනුෂ්කා ෂර්මා” දායක වෙලා තියනවා… ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.4ක් හිමිවෙලා තියනව.
ෂාරුක් මෙහි රඟ පාන්නෙ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ ඉන්න අති දක්ෂ සෙබලෙක්ගේ චරිතයක් (සමර් ආනන්ද්)..කතාව පටන් කන්නෙ ෂාරුක් බෝම්බයක් නිෂ්ක්‍රිය කර සීන් එකකින්. වැඩේ කියන්නෙ මෙයා බෝම්බ නිෂ්ක්‍රිය කරද්දි කිසිම ආරක්ෂිත ඇඳුමක් අඳින්නෙ නැහැ. එයා මේ වෙනකොට බෝම්බ 97ක් මේ විදියට නිෂ්ක්‍රිය කරල තියනව… සමර් හමුදාවට යන්න කලින් මීරා කියන තරුණිය එක්ක ඉතා තදින් ප්‍රේමයෙන් වෙළෙනව… මෙහෙම කාලය ගත වෙනකොට දිනක් දෙන්න හමු වෙලා නැවත සමුගෙන යන්න හදද්දි සමර් රිය අනතුරකට මුහුණ දෙනව.. ඊට පස්සෙ එයාගෙ මතකය නැති වෙනව..
පස්සෙ මේ දෙන්න අතරට තුන් වෙනියෙකුත් එනව. ඒ අකීරා කියන තරුණිය. එයා ඩිස්කවරි චැනල් එකේ වාර්තා වැඩසටහනක් හදන්න කියල අලුතෙන්ම රස්සාවක් ලැබුනු කෙනෙක්. එයාගෙ එකම අභිප්‍රාය වෙන්නෙ සමර්ගෙ ජීවිත කතාව ආශ්රවෙන් වාර්තා වැඩසටහනක් හදන එක.. ඉතින් මම කතාව ගැන මෙච්චරයි කියන්නෙ.. ඔයාලම බලන්න ඊට පස්සෙ මෙයාලගෙ ආදරයට මොකද වෙන්නෙ කියල… කතාව බලද්දි ඔයලට දැනගන්න ලැබෙයි ඇයි සමර් බෝම්බ් සූට් එකක් අඳින්නැතුවම බෝම්බ නිෂ්ක්‍රිය කරන්නෙ කියල.. මේ නොමියෙන මිනිසාගේ නොමියෙන ආදරයේ අවසානය කෙසේ සනිටුහන් වේද.. මේව දැන ගන්න නම් ෆිල්ම් එක බාගෙන බලන්න..

Download Brrip | |
File Size: | 13 kb |
File Type: | torrent |